රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ 38-29 කින් විද්‍යාර්ථ පරදවති
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ඊයේ (29) මහනුවර නිත්තවෙල පිටියේ පැවැති තරගයේදී කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 38-29 කින් මහනුවර විද්‍යාර්ථ විදුහල පරාජය කිරීමට සමත් වූහ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24-8 ක් ලෙස රාජකීය විදුහල පෙරමුණෙ සිටියේය.

