රාජකීය විදුහලට කඩුලූ 8 ක ජයක්
කොළඹ රාජකීය විදුහලත්- ඉසිපතන විදුහලත් අතර කොළඹ කෝල්ට්ස් කී‍්‍රඩාංගණයේදී පසුගිය සති අන්තයේදී පැවැති වයස 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයේදී කඩුලූ අටක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට රාජකීය කී‍්‍රඩකයෝ සමත් වූහ.
පෙරදින කඩුලූ 2ක් අතැතිව ලකුණු 104ක් ලබා සිටි ඉසිපතන කී‍්‍රඩකයන් සියල්ලෝ ම 143කට දැවී ගිය බැවින් ඉනිමක පරාජයෙන් ගැලවීම ස`දහා ඔවුන්ට යළිත් වරක් පන්දුවට පහර දීමට සිදු විය. එහෙත් රාජකීයන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලකුණු 150කට සීමා වූ ඉසිපතන කී‍්‍රඩකයන්ට රාජකීයන් වෙත ලබා දිය හැකි වූයේ ලකුණු 45ක ඉලක්කයක් පමණි.
රාජකීය 249/9 (හේෂාන් කුමාරසිරි 83, මිලාන් අබේසේකර 44, සම්පත් ද සිල්වා 25, ඉසුරු ගුණතිලක 24, ඉමල් ලියනගේ 23, කමි`දු ධනංජය 33/3, හරිත වනිගආරච්චි 46/2, සිදත් මල්ලවආරච්චි 54/2* සහ 47/2 (ඉමල් ලියනගේ 16, සම්පත් ද සිල්වා 25 නොදැවී)
ඉසිපතන 143 (සංදීප් හිමාෂ 36, දිලූක ෂෙහාන් 30, චමීර දිසානායක 19, හරිත් වනිගආරච්චි 15, ගෞරව් දේවා 27/4, පූර්ණ අලූත්ගේ 20/3, ගේෂාඞ් පණ්ඩිතරත්න 19/2) සහ 150 (කැලූම් යුවන්දර 30, දේශාන් ජයකුමාර්, සංදීප් හිමාෂ 26, පූර්ණ අලූත්ගේ 41/3, ගෞරව් දේවා 44/2)
- 004

