ලන්ඩන්හිදීය (රොයිටර්)
යුග දිවියට එළැඹි බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකෙල් ඔවුන්ගේ මධුසමය දින කිහිපයකට ප්‍රමාද කර තිබේ.
රාජකීය කාර්ය කිහිපයක් හේතුවෙන් ඔවුන් මෙලෙස මධුසමය ප්‍රමාද කර තිබේ. එයින් පළමුවැන්න හැරී කුමරුන්ගේ පියාගේ 70 වැනි උපන්දිනය වෙනුවෙන් සංවිධානය කර තිබෙන විශේෂ සාදයයි. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරුගේ 70 වැනි උපන්දිනය නොවැම්බර් 14 වැනි දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් විශේෂ එළිමහන් සාදයක් සංවිධානය කර තිබේ. බකිංහැම් මාලිගයේ එළිමහනේදී මෙම උපන්දිනය සාදය මැයි 22 වැනිදා පැවැත්වේ.
මෙම රාජකීය සාදය හැරී කුමරුන් සහ මේගන් මාකෙල්, සසෙක්ස්හි ආදිපාද සහ ආදිපාදවරියා ලෙසින් සහභාගී වන පළමු නිල රාජකීය උත්සවය ද වනු ඇත. චාල්ස් කුමරුගේ බාල පුතු වන හැරී කුමරු බ්‍රිතාන්‍යය රාජකීය කිරුළේ හයවැනි උරුමක්කරුය.
(055)