රාජකීය - තෝමස් ’’නිල් මහ සටන’’ කල් යයි


(යොහාන් භාසුර)

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි පැරණිතම ක්‍රිකට් තරගය ලෙස සැලකෙන කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 142 වැනි ' නිල් මහ සටන' මහා ක්‍රිකට් තරගය දින නියමයක් නොමැතිව කල්දැමීමට ඒකාබද්ධ සංවිධාන කමිටුව තීරණය කර තිබේ.

මෙම තරගය ලබන මැයි මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.