(යොහාන් භාසුර)
සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේදී සෞඛ්‍ය සේවයට අයත් රේඛ්ය අමාතයංශයේ සහ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවල සියලූම කාර්ය මණ්ඩලවල සාමාජිකයන්ට රාජකාරි හැඳුම්පත පමණක් භාවිතා කර ගමන් කිරීමට අවසර ලබාදිය යුතු බව පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා සියලූම උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබේ.
සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩල වෙත ආයතනය මගින් ලිපි නිකුත් කිරීමට වර්තමාන තත්වය මත ගැටලූ පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහාතා පොලිස්පතිවරයා වෙත කළ දැනුම්දීමක් මත මෙම පියවර ගෙන තිබේ.
සියලූම අත්‍යවශ්‍ය සේවාවල නිරතවන පුද්ගලයන් හැඳුනුම්පතට අමතරව ආයතන ප‍්‍රධානියකු සේවා අවශ්‍යතාව සඳහන් කර නිකුත් කර ලිපියක් ලබාගත යුතු යැයි මීට පෙර පොලිසිය නිවේදනය කර තිබුණි.

