( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට පානදුර සාගර මාවතේ ප්‍රජා ශාලාව තුලදී රුපියල් 5000 දීමනාව ලබා දෙමින් සිටි රාජ්‍ය නිලධාරීන්ට හා ආරක්ෂක නිලධාරීන්ට තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නාගරික මන්ත්‍රී වරයා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 4 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කලේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වූයේ පානදුර හිටපු නාගරික මන්ත්‍රී මහේෂ් විශ්වජිත් ප්‍රනාන්දු නැමැත්තාය.
සැකකාර මන්ත්‍රීවරයා ප්‍රජා ශාලාව තුලට ගොස් එහි නිලධාරීන් අමතා තමන් කමිටුවේ සභාපති බවත් චක්‍ර ලේඛනයට අනුව ප්‍රධානියා බවත් පවසමින් එහි සිටි රාජ්‍ය නිලධාරීන්ට බැන වැදී ආවේග ශීලීව හැසුරුන බව පොලිසිය අධිකරණය දැන්වීය.
අනතුරුව මුදල් ලබා දීමට සුදුසු පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් ප්‍රජා ශාලාව ඉදිරිපිට ප්‍රදර්ශනය කරන ලෙසද මන්ත්‍රී වරයා රාජ්‍ය නිලධාරීන්ට තර්ජනාත්ම ලෙස පවසා ඇතැයි පොලිසිය අඅධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියහ
ග්‍රාම නිලධාරීන් , ගුවන් හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ට සහාඅපරාධකාරී බලහත්කාර පෑම,පොලිස් ඇදිරි නීතිය කඩ කිරීම ,නිරෝධනය පනතේ 5 (1) වගන්තිය යටතේ නිරෝධනයට සහය නොදැක්වීම යන චෝදනාව යටතේ සැකකරු අධිකරණය ඉදිරිපත් කෙරෙණි.
පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එස්. කුමාරසේන , අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ ද සිල්වා යන මහත්වරු සැකකරු අධිකරණය ඉදිරිපත් කළහ.

