රාජකාරි සීමා කළත් වැටුප් කප්පාදුවක් නෑ


(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය සේවකයන් රාජකාරි සඳහා කැඳවීම සීමා කර ඇතත් ඔවුන්ගේ වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි

සේවකයන්  කැඳවීම සීමා කිරීමට රජය තීරණය කළේ වියදම් අඩු කර ගැනීමේ පියවරක් ලෙසය.

සේවකයන් කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ඊයේ නිකුත් කරනු ලැබීය.