අමල් වික්‍රමරත්න
රාගල පොලිස් වසමේ ලීඩෙල් වත්ත, ලීඩෙස් වත්ත,රුක්සයිඩ් වත්ත,සෙනරත්පුර,හාල්ගන්ඔය ප්‍රදේශවලට පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ නායයෑමේ අවධානමක් හේතුවෙන් පුද්ගලයන් 321 අවතැන් මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.
මෙසේ අවතැන්වූ පුද්ගලයන්ගෙන් පවුල් 20 ක සාමාජිකයන් 107 දෙනෙකු පදිංචිව සිටි රාගල පොලිස් වසමේ රත්නායක පතන ග්‍රාමනිලධාරී වසමේ ලීඩෙල්වත්ත ප්‍රදේශයෙන් ඉවත් කොට ඇත.
මේ අතර රාගල පොලිස් වසමේ ලීඩෙස් වත්ත, රුක්සයිඩ්,සෙනරත්පුර,හාල්ගන්ඔය ප්‍රදේශ වලටද බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 41 අවතැන්ව සිටින අතර පුද්ගලයන් 101 රැක්සයිඩ් සුරැකුම් මධ්‍යස්ථානයේද,113 ක් හාල්ගන් ඔය දෙමළ විදුහලේද තාවකාලිකව නැවතී සිටින බව පොලිසිය සඳහන් කරයි.

