අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට රාගම ක‍්‍රිකට් සමාජය විය. එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (09) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී රාගම ක‍්‍රිකට් සමාජය ලකුණු 93 කින් ප‍්‍රබල කෝල්ට්ස් පිල කිරීමට සමත් විය.
එස්. එස්. සී. පිල සහ රාගම පිල අතර අවසන් මහ තරගය අනිද්දා (11) එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ලකුණු 207 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය කෝල්ට්ස් ඉනිම ලකුණු 113 කට සීමා කිරීමට රාගම පිලේ පන්දුයවන්නෝ සමත් වූහ. මාලිංග බණ්ඩාර ලකුණු 13 කට කඩුලූ 3 ක් දවාගත්තේය.
රාගම පිල වෙනුවෙන් සමීර ද සොයිසා පන්දු 85 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 56 ක් රැස්කළේය.
රාගම පිල ඕවර 49 කදී කඩුලූ 9 ට 206
(මයිකල් වැන්ඩොට් 32, ඉයන් ඩැනියල් 16, මිලින්ද සිරිවර්ධන 43, සමීර ද සොයිසා 56, ශාලික කරුණානායක 22, ඉෂාන් ජයරත්න 45/3, සජීව වීරකෝන් 44/2)
කෝල්ට්ස් පිල ඕවර 32.1 කදී සියලූ දෙනා දැවී 113
(ශිහාන් කමලීන් නොදැවී 39, චතුරංග කුමාර 12, කෞෂල්‍ය වීරරත්න 15/2, මධුර ලක්මාල් 15/2, මාලිංග බණ්ඩාර 13/3)
ඡයාරූප: ශාන්ත රත්නායක විසිනි

