රාගම ක‍්‍රිකට් සමාජ ක‍්‍රීඩකයෝ සීමිත ඕවර ක‍්‍රිකට් ශූරතාව දිනති


අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට රාගම ක‍්‍රිකට් සමාජය සමත් විය. එස්. එස්. එස්. ක‍්‍රීඩාංගණයේදී අද (12) පැවැති අවසන් මහ තරගයේදී රාගම ක‍්‍රීඩකයෝ කඩුලූ 4 කින් ප‍්‍රබල එස්. එස්. සි. පිල පරාජය කිරීමට සමත් වූහ.

එස්. එස්. සී. පිල  ඕවර 43.2 කදී සියලූ දෙනා දැවී 218

(දිමුත් කරුණාරත්න 29, කෞෂාල් ලොකුආරච්චි 56, භානුක රාජපක්‍ෂ 51, අමිල් ප‍්‍රසාද් නොදැවී 29, මාලිංග බණ්ඩාර 33/3, මධුර ලක්මාල් 33/2)

රාගම පිල  ඕවර 43.4 කදී කඩුලූ 6 ට 224

(සමීර සොයිසා 46, කෞෂල්‍ය වීරරත්න නොදැවී 61, ශාලික කරුණානායක 29, ධනංජය ද සිල්වා 29, සචිත‍්‍ර සේනානායක 31/2, අමිල් ප‍්‍රසාද් 36/2, කෞෂාල් ලොකුආරච්චි 46/2)