දරුවන් දෙදෙනා රැකීමට මහත් උත්සාහයක් දරන රාගම කාන්තාවක ගැන ලංකාදීපයේ හා ලංකාදීප වෙබ් අඩවියේ පළවූ වාර්තාව දුටු ඩුබායිහි වෙසෙන ඉන්දික ධර්මවංශ මහතා ඇයට රුපියල් තිස්හත්දහසක් පමණ වටිනා බහුකාර්ය ඇදුම් මැසීමේ යන්ත‍්‍රයක් පරිත්‍යාග කළේය.
එම යන්ත‍්‍රයට අවැසි තවත් උපාංග මිලයට ගැනීම සදහා තවත් රුපියල් දසදහසක් ද ඇයගේ ගිණුමට බැර කැර ඇත.

