රළ පහරට හසුවූ තරුණියගේ සිරුර සොයාගනී


(ජුඩ් සමන්ත)

මුහුදට පිටුපා ඡායාරූප ගනිමින් සිටියදී රළ පහරකට හසුවී ගසා ගෙන ගිය බව කියන තරුණියකගේ(21) සිරුර මුහුදේ පා වෙමින් තිබියදී ධීවරයෙකු විසින් අද(02) සොයා ගනු ලැබ ඇතැයි පොලිසිය කියයි.

ඥාතීන් පිරිසක් සමග පැමිණ හලාවත මුහුදු වෙරළේ විනෝද වෙමින් ඡායාරූප ගනිමින් සිටින විට ඇය මෙම අනතුරට මුහුණ පා තිබේ. වෙරළේ ඡායාරූප ගනිමින් සිටි කාන්තාවන් සිව් දෙනෙකු හදිසියේ පැමිණි රළ පහකට අසුවී ඇති අතර තිදෙනෙකු දිවි ගලවා ගෙන ඇත.