සුජිත් හේවාජුලිගේ
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් ඔහුට පහරදී තුවාල කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියේ විශේෂ කණ්ඩායමක් කතානායක කරු ජයසූරිය මහතාගෙන් අද (18) රාත්‍රී ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
රහස් පොලිස් නිලධාරීන් කතානායකවරයාගේ නිල නිවසට ගොස් එම ප්‍රකාශය සටහන් කරගත් බව රහස් පොලිස් ආරංච් මාර්ග සඳහන් කරයි.
කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධියක් ගැන ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවට රහස් පොලිසිය මීට දින කිහිපයකට ඉහතදී කතානායකවරයාට දැනුම් දී තිබිණ.
ඒ අනුව කතානායකවරයා අද දිනයේ ඒ සඳහා වෙන්කර දී තිබිණැයි එම ආරංචි මාර්ග කියයි.
කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය ගැන එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මුලින්ම දැනුම් දී තිබුණේ කරු ජයසූරිය මහතා විසිනැයි පැවසීය.ඒ වනවිට ජයසූරිය මහතා රාජ්‍ය පරිපාලන ඇමතිවරයා ලෙස කටයුතු කළේය.
පොලිසිය කතානායකවරයාගෙන් ප්‍රශ්න කළේ කීත් නොයාර් පැහැරගැනීම දැන ගන්නට ලැබුණේ කෙසේද යන්න හා තවත් කරුණු කිහිපයක් හෙලිකර ගැනීම සඳහා යැයි රහස් පොලිසිය කියයි.
මාධ්‍යවේදී කීත් නොයාර් මහතාගේ ජිවිතය බේරුණේ තමාගේ මැදිහත් වීම නිසා බවත් තමා ඕනෑම මොහොතක ඒ පිළිබඳව ප්‍රකාශයක් දීමට සුදානම් බවත් කතානායක කරු ජයසූරිය මහතා අප සමඟ මීට ඉහතදී කීය.
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමට ලක්වුයේ 2008 වර්ශයේදීය.ඒ වන විට ඔහු ද නේෂන් පුවත්පතේ කටයුතු කළේය.