රහස් පොලිස් ලොක්කාට මාරුවක්


රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සබරගමුව සහ ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර ඇතැයි පොලිසිය කියයි.

මැතිවරණ සමයේ රාජ්‍ය සේවක ස්ථානමාරු තහනම් වුවත් මැතිවරණ කොමසාරිස්ගේ අවසරය ඇතිව මේ ස්ථාන මාරුව කළ බව පොලිසිය සඳහන් කරයි.

මැතිවරණ කොමසාරිස්ගේ අවසරය ගෙන තිබෙන බව කීවද මැතිවරණය ආරම්භ වීමත් සමග උසස් පොලිස් නිලධාරියකු ස්ථාන මාරු කිරීම වැරදි පූර්වාදර්ශයක් බව මැතිවරණ නිරීක්ෂකයෝ කියති.

හිටපු ජනපතිගේ පවුලේ උදවිය ඇතුළු පසුගිය රජයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට එරෙහිව රහස් පොලිසිය විමර්ශන කිහිපියක් ආරම්භ කර තිබේ.