ඩැමැස්කස්හිදීය (ඒ.එෆ්.පී)
ජාත්‍යන්තර රසායන අවි විමර්ශන නිලධාරීන් බදාදා (20) සිරියාවේ ඩූමා ප්‍රදේශයට ඇතුළුවීමට නියමිත යැයි වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කණ්ඩායම අවසර දුන් විගස රසායන අවි විමර්ශන නිලධාරීන් ඩූමා ප්‍රදේශයට ඇතුළු වී විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
අප්‍රේල් 7 වැනිදා සිරියාවේ ඩූමා ප්‍රදේශයට විස වායු ප්‍රහාරයක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්, එම ආණ්ඩුව සහ රජයේ හමුදාවලට චෝදනා එල්ල විය. බටහිර රටවල් එල්ල කරන ලද එම චෝදනාව සිරියාව මෙන්ම රුසියාව ද ප්‍රතික්ෂේප කළහ. එම ප්‍රහාරයෙන් 80 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවත් සිය ගණනක් තුවාල ලැබීම් වලට මෙන්ම විවිධ සෞඛ්‍ය අපහසුතාවලට මුහුණ දුන් බව ද වාර්තා විය.
රසායනික අවි ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය අප්‍රේල් (13) රාත්‍රියේ සහ (14) වැනි දා අලුයම් කාලයේදී සිරියාවේ ඩැමැස්කස් වෙත මිසයිල 105ක දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඇමෙරිකාවෙන් සහ රුසියාවෙන් යෝජනා ඉදිරිපත් වූ අතර එම රටවල් දෙක එම අවස්ථාවේදී එකිනෙකාට විරුද්ධව නිෂේද බලය භාවිත කළහ.
එහිදි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පමණක් නොව සමස්ත එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ද පැහැදිලි බෙදීමක් දක්නට ලැබිණි.
ජාත්‍යන්තර රසායනික අවි විමර්ශන නිලධාරීන්ට සිරියානු ආණ්ඩුවෙන් සහ රුසියාවෙන් බාධා එල්ල වී ඇතැයි ද රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළ බවට ඔප්පු කළ හැකි සියලු වැදගත් සාක්කි මේ වන විට විනාශයට පත්ව ඇතැයි ද ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම අනතුරු ඇඟවූහ.
055