මුදල් ඇමැති රවී කරුණානායක මහතාට විරුද්ධව බාරදුන් විශ්වාසභංග යෝජනාව මේ සතියේ විවාදයට ගන්නැයි කතානායකගෙන් ඉල්ලීමක් කළ බවත් එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත්ව ඇතැයිද විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා එසේ පැවසීය.
‘අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධවත් විශ්වාසභංග යෝජනවාක් බාරදුන්නා. තවම ඒක න්‍යාය පත්‍රයට ඇවිල්ලා නැහැ. ඒක න්‍යාය පත්‍රයට එන්න දින 5-6ක් ගතවේවි. ඒ ගැන අපිට තීරණයක් ගත හැක්කේ යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුළත් කළාට පස්සෙයි‘

