රවීට - අර්ජුන්ට අධිචෝදනා දී ඇප මත මුදාහරී


රවී කරුණානායකට සහ අර්ජුන් ඇලෝසියස් දෙදෙනාට එල්ල වී තිබූ අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අධිචෝදනා බාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

හිටපු මුදල් ඇමතිවරයා වන රවී කරුණානායක මහතා විසින් අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් ආයතනයකින් නිදහස් කරන ලද මුදලින් කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණ.

අල්ලස් පනතේ 19 (ඇ) වගන්තිය යටතේ වරදක් කළ බවට 2020 සැප්තැම්බර් මාසයේදී අල්ලස් කොමිසම විසින් රවී කරුණානයක සහ අර්ජුන් ඇලෝසියස් දෙදෙනාට අධිචෝදනා ගොනු කරන ලදි.

අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ සමාගමකට අයත් මොනාක් නිවාස සංකීර්ණයේ 5PH2 මහල් නිවාසයක පදිංචිව සිටි හිටපු ඇමතිවරයා මහජන සේවකයෙකු ලෙස අල්ලස් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම චෝදනා කර තිබිණ.