රවීගේ පෙළපාළියට රවීගෙන් තහනමක්


මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් සංවිධානය කළ රථ පෙළපාළිය වහාම අවලංගු කරන ලෙස ඇමැතිවරයා ඔවුන්ට දැනුම් දුන් බව දේශපාලන ආරංචි පවසයි.

මැතිවරණ නීති රීතිවලට ගරු කරමින් රථ පෙළපාළිය අවලංගු කළ බව අමාත්‍යවරයා සුගතදාස ක්‍රීඩාංගණය අසල රැස්ව සිටි ආධාරකරුවන් හමුවී ප්‍රකාශ කළේය.

රැස්ව සිටි පිරිස ඇමතූ කරුණානායක මහතා සියලු දෙනා රටේ පවතින නීතියට ගරු කළ යුතු බව පැවසීය.