රවීගේ කතාවට කරුගෙන් අවසර නෑ


ආරියරත්න රණබාහු

බැඳුම්කර වාර්තාවේ තමා ගැන සඳහන් තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා  කළ ඉල්ලීම කතානායක කරු ජයසූරිය මහතා අද (24) ප්‍රතික්ෂේප කළේය.

එය වරප්‍රසාද ප්‍රශ්නයක් නොවන බැවින් කතා කිරීමට ඉඩ දිය නොහැකි බව කරු ජයසූරිය මහතා කීවේය. මේ සඳහා අවශ්‍ය නම් වෙනත් දිනයක් ලබාදිය හැකි බව ද කතානායකවරයා සඳහන් කළේය.

ප්‍රකාශය කිරීමට ඉඩ නොදෙන්නේ නම් එය ජනමාධ්‍යයට ලබා දෙන බව කරු ජයසූරිය මහතා කී අතර ඒ ගැන ගැටළුවක් නැතැයි කතානායක පැවසීය.