රවීගේ අත් පත්‍රිකා බෙදූ ආධාරකරුවන්ට වෙඩි


කොටහේන බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණය ඉදිරිපිට ප්‍රධාන පාරේදී කළු පැහැති අංක තහඩු නොමැති හයිබ්‍රිඩ් වර්ගයේ කාර් රථයකින් පැමිණි සිව්දෙනකු එක්වරම පාර හරස්වන ලෙස නවතා ටී 56 වර්ගයේ ගිනි අවි 4කින් එළියට බැස අත් පත්‍රිකා බෙදමින් ගිය 250 ක් 300 ක් පමණ පිරිස දෙසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇතැයි කියති.

රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත් පත්‍රිකා බෙදමින් මැතිවරණ කටයුතු වල යෙදී සිටි අවස්ථාවේදී රවී කරුණානායක මහතා කොටහේන දෙසට ගොස් ඇති බවත් අනෙක් පිරිස පත්‍රිකා බෙදමින් බ්ලූමැන්ඩල් මාර්ගය දිගේ ආමර් වීදිය දෙසට පැමිණි බවත් එහි සිටි අය කියති. එසේ පැමිණි පිරිසට වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත.

වෙඩි තැබීමෙන් පසු තුවාල ලැබූ පිරිස් එම ස්ථානයේ ඇද වැටීමෙන් පසු ඔවුන් රෝහල්ගත කළ බවත් රෝහල් ගත කළ එක් කාන්තාවක් මිය ගිය බවත් රෝහල් ආරංචි පවසයි.

වෙඩි තැබූ පිරිස පළා ගොස් ඇති බවත් කියති.

සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇතැයි පොලිසිය පවසයි.

DSC_0392 DSC_0400 DSC_0429 DSC_0449 DSC_0463 DSC_0470 DSC_0477 DSC_0478 DSC_0500

ඡායාරූප - ඉෂංක සුනිමල්

DSC_4389 DSC_4407 DSC_4472 DSC_4624

DSC_4631 DSC_4653 DSC_4661 DSC_4671 DSC_4677

DSC_4415

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක