රවී ට ’’වැල් පාලම’’ එපා වෙයි


(අංජුල මහික වීරරත්න)

හැමදාම වැල් පාලමේ ඉන්න බැරි බව එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පැවසීය.

ඉක්මනින් ස්ථිර පාලමක් හදාගත යුතු බව කී කරුණානායක මහතා කඩිනමින් ණය බරෙන්  එළියට පැමිණිය යුතුව තිබෙන්නේ යැයි ද සඳහන් කළේය.

බුලත් කඩයක් වත් නැති අය ආර්ථිකය දුවවන  හැටි රටට පෙන්වා දිය යුතු බව කී කරුණානායක මහතා මැතිවරණය නියමිත කාලයේදීම පැවැත්විය යුතු බවට ජනපති දැනුම් දී තිබෙන්නේ යැයි කීය.

දැන් විදෙස් ආයෝජන රටට එන්න පටන් ගෙන ඇති අතර නවතා තිබූ විදෙස් සංවර්ධන ව්‍යාපෘති නැවත පටන් ආරම්භ කෙරෙමින් තිබෙන බව කරුණානායක මහතා පැවසීය.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේය.