රවිරාජ් ඝාතනයේ තවත් සාක්කි මතුවේ


දෙමළ ජාතික සංවිධානයේ යාපන දිස්ත්‍රික් මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා නාරාහේන්පිට දී මරා දැමීමට යොදා ගත් බව කියන ත්‍රීරෝද රිය සොයා ගත් බවත්, එය රහස් පොලිසිය භාරයට පත් කිරීම සඳහා අධිකරණයේ අවසරය දෙන්නැයි රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මියගෙන් ඉල්ලා සිටියේය.

ඊට උසාවි අවසර ලැබිණි.

වැඩිදුර විභාගය ලබන 19 වැනි දා ට කල් තැබිණි.

 ඝාතනයට යොදා ගත් අවි නාවික හමුදාවෙන් නිකුත් කළ අවි බවත්, ලේ පැල්ලම් හා අවි තවදුරටත් පරීක්ෂණ කළ යුතු යැයි උසාවියට දැන්වීය.

මුණසිංහ ආරච්චිගේ නිලන්ත සම්පත් මුණසිංහ හෙවත් නේවි සම්පත් ඇතුළු නාවික හමුදාවේ සිටි සිව් දෙනෙක් සැකකරුවෝ ය.

යදුරුපැදියක පිටිපස්සේ පැමිණි ඝාතකයා නාරාහේන්පිට මැනිං නගරයේ දී මන්ත්‍රීවරයාට වෙඩි තබා ඇත්තේ ඔහු ටොයොටා ලෑන්ඩ් කෘෂර් රියෙන් ගමන් කරද්දී බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.