රවිරාජ් ඝාතන සිද්ධියේ සැකකරුවකු ඉහළ උසාවියට යයි


 නිතීවිරෝධි  ලෙස අත්අඩංගුවට  ගෙන රඳවා  තබා ගැනීමෙන් තම මුලික අයිතිවාසිකම්  කඩ වී ඇතැයි සඳහන් කරමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  නඩරාජා රවිරාජ් මහතාගේ  ඝාතන සිද්ධියේ  ප්‍රධාන සැකකරු මුණසිංහ ආරච්චිගේ  සම්පත්  මුණසිංහ නැමැත්තා  ගොනු  කළ මුලික අයිතිවාසිකම්  පෙත්සම ලබන අගෝස්තු තුන් වැනිදා  සළකා  බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.