විනීතා එම් ගමගේ
රටේ වැදගත් පාසැල්වල කොඳු කඩන අරමුණින් ගුරු මාරුවක් කරගෙන යන්නේ යැයි ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, පැපිලියාන සුනේත්‍රාදේවී පරිවේණාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ.
පසුගිය සමයේ රවි මාරුවක් කර රටේ ආර්ථීකය කඩා දැමූ ආණ්ඩුව රවි මාරුව, ගුරු මාරුව සමඟ ආර්ථීකය හා අධ්‍යාපනය විනාශ කර රටට සෙනසුරු උදාකර ඇතැයි ද උන් වහන්සේ කීහ.
උන් වහන්සේ මේ අදහස් පළ කළේ එළිය සංවිධානය මඟින් කැඳවා තිබු මාධ්‍ය හමුවකදීය.එහි දී තව දුරටත් අදහස් දැක්වු අභයතිස්ස හිමියෝ මෙසේ ද කීහ.
‘‘රට පවතින්නේ තීරණාත්මක අවස්ථාවකයි. තව සතියක් ඇතුළත රට ඡන්දයකට මුහුණ දෙනවා. 2015 න් ආරම්භ වුණ වැඩ පිළිවෙළ අලුත් වෙනසක් සොයා ගෙන ගිය ආණ්ඩුවේ වැඩ පිළිවෙළ මෙතනින් අවසන් වේය කියා සමහරු කියනවා. තවත් අය කියන්නේ එහෙම වෙන්නේ නැහැ කියලයි.
මොනදේ කිව්වත් අපි තේරුම් ගත යුතු දේ නම් මේ ආණ්ඩුව 2015 ආරම්භ කළ ගමන 2018 පෙබරවාරි වෙන කොට ජනතාව මොන මට්ටමින් ද අනුමත කරන්නේ කියන එක ගැන ජනමතයක් බවට මේ මැතිවරණය පත්වෙනවා. මේ නිසා මෙය සුවිශේෂි ඡන්දයක්. රට ඛෙදුම්වාදයට ඇදී ගෙන යන බව අපි නිතර නිතර මතක් කළා. ‘‘

