ඉන්දිකා රාමනායක
ගුවන් හමුදාව ගත වු පැය 24 පුරා සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් රයිෆල් ගිනි අවියක්, කඩු 6 ක්, කිනිසි 4 ක්, වායු රයිෆලයක් සහ උණ්ඩ තොගයක් සමඟ පුද්ගලයන් 5 දෙනකු අත්අඩංගුවට ගත් බව ගුවන් හමුදාව කියයි.
ඒකල, සහ රද්දොළුගම, යන ප‍්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී නිවාස තුනකින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනවිරත්න මහතා පැවසීය.
ඒකල ෆිනෑන්ස් පාර්ක් නිවසක් පරික්ෂා කිරීමේ දී ජංගම දුරකතන 5 ක්, වායු රයිෆලයක්, කඩුවක්, කිනිසි 2 ක්, හිස් පතරොම් 10 ක්, භාවිතා කළ පතරොම් තුනක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබීය.
රද්දොළුගම නිවාස යෝජනා ක‍්‍රමයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී කඩු 6ක්, රයිෆප් 1 ක්, උණ්ඩ කිහිපයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ගත් බව ගුවන් හමුදාව මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මේ අතර ඒකළ කෲස්වත්ත ප‍්‍රදේශයේ සෝදිසි කළ සෙසු නිවසේ දී පාස්කු දින පිපිරුම් සිද්ධීන් හා අන්තවාදී සංවිධානයක් විසින් පුද්ගලයන්ගේ ගෙල සිදින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ජංගම දුරකතන සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර කාන්තාවක් ද සිටින බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

