(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලංගොඩ මාමල්ගහ ප්‍රදේශයේ නිවෙසක රඹුටන් ගසක නැඟ සිටි සිටි අවරුදු 10 වයසැති දැරියක පය ලිස්සා එම ගසේ දෙබලක් මතට ඇඳ වැටී ගෙල සිරවී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
බලංගොඩ රත්මලවින්න මහා විදුහලේ හය ශේණියේ ඉගෙනුම ලබමින් සිටි මලිිෂා තත්සරණි නැමැති දැරියක මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය කියයි.
රඹුටන් ගසේ අඩි 20 ක් පමණ උස කින් තිබූ දෙබලක මෙම දැරියගේ ගෙල සිර වි සිටිනු දුටු ඇපේ මව ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව දැරිය බලංගොඩ මුලික රෝහලට රැගෙන ගොස් තිබෙන අතර රෝහලට අතුලත් කරන විටද ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.

