(නිමන්ති රණසිංහ)
නාවල නාරාහේන්පිට ‘ලේක් විව් ඩ‍්‍රයිව්‘ පාරේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු රිය අනතුරකට ලක්කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රමිත් රඹුක්වැල්ල රුපියල් 10,000 ක ඇප බැදුම්කරයක් මත නාරාහේන්පිට පොලීසිය විසින් මුදා හැර ඇත.
අපරික්ෂාකාරී රිය ධාවනය සහ බීමතින් රියපැදවිම යන චෝදනා සම්බන්ධයෙන් පොලිසිය විසින් රමිත් රඹුක්වැල්ල ඊයේ (10) අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙලෙස පොලිස් ඇප මත නිදහස් කෙරිණි.
එමෙන්ම අඟහරුවාදා (13) කොළඹ රථවාහන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද පොලිසිය සැකකරුට දන්වා ඇත.