රබර් කිරි කැපීමට ගිය කත අලියාට බිළි


(අයි ආර් ඉන්දික)

ඇසළ පෝයදා අද  (23)දා උදෑසන  කුලියට රබර් කිරි කැපිමට ගිය සිව්දරුමවකට වන අලියකු පහරදීමෙන් ඇය එම ස්ථානයේදිම මියගොස්  ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ බුත්තල ගෝනගංආර පොලිස් බල ප්‍ර දේශයට අයත් කෝනකැටිය කන්දේආර ගම්මානයේ පදිංචි කේ ඒ නිශාන්ති කුමාරි (35) යන අයයි.

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යෙය් ජිවත්වු මෙම පවුලේ මව  අද (23) උදෑසන පහට පමණ ඇය පදිංචි නිවස ආසන්නයේ පිහිටි රබර් ඉඩමක කිරි කැපිමට ගොස් ඇති අතර එහිදි මෙම අලියා පහරදී තිබේ .

ඉඩමේ හිමිකරු කිරිකපන්නට පැමිණි කාත්නාව නොමැති බව දැක ඒ සම්බන්ධයෙන් විමසිමට ඇය පදිංචි නිවසට ගොස් ඇති අතර නිවසේ නොමැති බැවින් ඇයගේ ස්වාමි පුරුෂයා සමග රබර් ඉඩමට පැමිණි

අවස්ථාවේ රබර් ගස් අතර වැටි සිටි මෙ කාන්තාව දැක තිබේ .

ඉන් පසු ඔවුන් විසින් ගෝනගං ආර පොලිසියට ඇමතුමක් ලබාදි මේ සම්බන්ධයෙන් දැන්වත් කර තිබේ .