රනිල්ට හොඳ සහතිකයක්


පසුගිය කාලයේ පැවති මැතිවරණවලදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවස වන අරලියගහ මන්දිරය අසීමිත ලෙස මැතිවරණ කටයුතු සඳහා  යොදාගෙන ඇතත් මෙවර මහ මැතිවරණයේ දී නාම යෝජනා භාරදීමෙන් පසු කිසිඳු දේශපාලන කටයුත්තක් සඳහා එය යොදාගෙන නැති බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

නාම යෝජනා බාරදීමටත් අරලියගහ මන්දිරය මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීමේ එක් අවස්ථාවක් පමණක් වාර්තා වූ බවත් එම ආයතනය කියයි.

මෙවර මැතිවරණයේ දී පොදු දේපල අයථා ලෙස පරිහරණය කිරීම් පිළිබඳ පැමිණිලි 266ක් තම සංවිධානය වෙත ලැබී ඇති බවත්, ඉන් සියයට 80ක්ම මේ වන විට සාක්‍ෂි සහිතව තහවුරු කරගෙන ඇති බවත් ශාන් විජේතුංග මහතා සඳහන් කළේය.

ඉන් පැමිණිලි 127ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එරෙහිව ලැබී ඇති අතර පැමිණිලි 115ක් එක්සත් ජාතික පෙරමුණටත්, පැමිණිලි 15ක් ජනතා විමුක්ති පෙරමුණටත් එරෙහිව ලැබී ඇතැයි ද එම ආයතනය සඳහන් කරයි.