රනිල්ට ද්‍රෝහීන් අරහං


සිරිකොතට ප‍්‍රහාර එල්ල කැර, විනාශ කළ, ද්‍රෝහීන් ආරක්ෂා කරන්නවුන් ඊටත් වඩා ද්‍රෝහීන් යැයි එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී පැවසීය. මේ ද්‍රෝහීනට එක්සත් ජාතික පක්‍ෂයත්, සිරිකොත මූලස්ථානයත් විනාශ කිරීමට ඉඩ නොතබන බවට සහතික වූ වික‍්‍රමසිංහ මහතා, ඔවුන් පරාජය කිරීම සඳහා එකට ඒකරාශි වන්නැයි ද සමස්ත පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.