
(සුජිත් හේවාජුලිගේ)
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට මැතිසබයේ වෙන් කෙරුණු ආසනයට යාබද ආසනය වෙන් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඔහුට බොහෝ දුරට විපක්ෂයේ ඉදිරි පෙළ 16 වැනි ආසනය හිමිවනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි .
මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා විපක්ෂයේ ඉදිරි පෙළ 16 වැනි ආසනය දැනටමත් වෙන් කර ඇති බවයි .
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට තීරණය කර ඇතැයි එම පක්ෂය සඳහන් කර ඇතත් ඒ තීරණය මැතිවරණ කොමසාරිස්වරයාට තවමත් දැනුම් දී නැති බවත් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම්දී අදාළ ගැසට් නිවේදනය නිකුත්වූ වහාම නියමිත අසුන් වෙන් කිරීම සිදුකරන බවත් වේත්‍රධාරිවරයා කීය .
කෙසේ වෙතත් ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනෙනු ඇතැයි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීය .
එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පුරප්පාඩුවී මේවනවිට ගත වී ඇති කාලය වසරකට ආසන්නය.

