රනිල්ගේ ලන්ඩන් පින්තූරේ තනිකර මඩක්


කොන්සර්වේටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලනයට සහභාගිවීම සඳහා නිල ආරාධනාවක් ලැබ එංගලන්තයට පැමිණි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවරදී ඊළාම් හිතවාදී දෙමළ කණ්ඩායමක් හමුවූ බවට පසුගියදා සති අන්ත පුවත් පත් දෙකක පළවූ පුවත " සම්පුර්ණ අසත්‍යයක්" බව මහා බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සභාපති හර්ෂක කන්නන්ගර ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියයි.

එක්සත් රාජධානියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව ඔක්තෝබර් දෙවැනි දින ලන්ඩන් නුවර පාර්ක් ප්ලාසා ශර්ලොක් හෝම්ස් හෝටලයේදී ගත් ඡායාරූපයේ වික්‍රමසිංහ මහතා සමඟ කාරක සභික ඉන්දික කුමාර, ලේකම් දර්ශන ඩැනියෙල් , ජාතික යොවුන් පෙරමුණේ භාණ්ඩාගාරික රොෂාන් සමන්ත , සහ සභාපති හර්ෂක කන්නන්ගර යන මහත්වරු  සිටින බව ඔහු පවසයි.

මෙවැනි අසත්‍ය පුවතක් පළකර ජනතාව නොමඟ යවමින් පටු දේශපාලන වාසි වත්මන් සන්ධාන රජයට ලබාදීමට උත්සාහ කරන සියලුම මාධ්‍ය වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට දැනටමත් අප සංවිධානය කටයුතු කර ඇතිබවත්  ඔහු පවසයි.

1(2)