මැතිවරණ සමයේ රනිල් වික්‍රමසිංහ අගමැති ඔහුගේ වෙඩි නොවදින නිල රිය ඡන්දයට පාවිච්චි කළහොත් අයකළ යුතු මුදල තිරණය කිරිම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් මුදල් අමාත්‍යාංශයට හා විගණකාධිපතිට පවරනු ලැබ සිටී. අගමැතිගේ ඉල්ලී අනුව එම පියවර ගෙන ඇත.
මැතිවරණ කොමසාරිස්සහ පක්ෂ ලේකම්වරුන් අතර අද (03) පැවති සාකච්ඡාවේදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා යෝජනා කර ඇත්තේ මැතිවරණ සමයේ අමාත්‍යවරුන් පරිහරණය කරන රජයේ වාහන සඳහා ද මුදලක් අය කිරීම සුදුසු බවයි.

