අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව බන්දුල ගුණවර්ධන, මනූෂ නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් අද පාර්ලිමේන්තු මහ ලේකම්ට බාර දුන්හ.
එම යෝජනාවට මන්ත්‍රීවරු 105 දෙනකුගේ පමණ අත්සන් ඇතුළත්ව ඇතැයි දේශපාලන ආරංචි කියයි.
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන්ගේ කැමැත්ත නොවිමසා අගමැති ධුරයේ කටයුතු කිරීම, මහා පරිමාණ හා සුළු පරිමාණ ව්‍යාපෘති රැසක් අත්හිටුවීම හේතුවෙන් රැකියා කරමින් සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා අහිමි කිරීම, ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනීකරණය කිරීම, ජීවන වියදම් අර්බුධයක් උද්ගත කිරීම, ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන පුද්ගලයෙක් මහ බැංකු අධිපති කිරීම, භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව මගින් මහ බැංකුවේ සිදුවූ දැවැන්ත මූල්‍ය වංචාවට වග කිව යුතු වීම, ජාත්‍යන්තර සබඳතා පළුදු වීම, පුද්ගලික අංශය අධෛර්යමත් වන අයුරින් රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යන යෝජනා එම විශ්වාස භංගයට ඇතුළු කර ඇත.



