මහමැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (20) අගමැති පදවියේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දීමේ උත්සවය පැවැත්වීමට නියමිතය.
දිවංගත ඩඩ්ලි සේනානායක මහතාගෙන් පසු සිව් වරක් අගමැති ලෙස තේරී පත්වූ එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතාය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කර ජාතික සැලැස්මක් සකස් කරන බවත් ජනපතිගේ උපදෙස් මත නව රජයේ ඇමැති මණ්ඩලය පත් කරගැනීමට කටයුතු කරන බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබිණි.

