රනිල් සමාව ඉල්ලයි
සිරිකොත ඡන්ද විමැසීමෙන් පසු ඇතිවූ ගැටුම වළක්වා ගත නොහැකිවීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන බව එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
මේ සිද්ධිය ගැන අපක්‍ෂපාත හා විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙසද හේ ඉල්ලයි. එජපාය මාධ්‍ය නිදහස ගරු කරන නමුත් පක්‍ෂ නායකයන් නම් කිරීමට මහාරාජලාට නොහැකියැයි ද විපක්‍ෂනායක කීවේය.
බස්නාහිර පළාත් සහ එජාප මන්තී‍්‍ර ශිරාල් ලක්තිලක මහතාගේ රාජ්‍ය නොවන සංවිධානයකට ජර්මනියෙන් ලැබෙන ආධාර නතර කරන ලෙස දැනුම්වත් කැර ඇතැයි ද ඔහුට විදේශ මුදල් ලැබෙන ආකාරය සොයා බැලිය යුතුයැයි ද හේ සඳහන් කෙළේය. ඔහු දැනට පක්‍ෂ තහනමකට පත් වී සිටියි.

