(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ දී අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට යනු ඇතැයි එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු යන දිනය මෙතෙක් හරියටම ප්‍රකාශ කර නැතත් මේ මාසය ඇතුළත එය සිදුවනු ඇතැයි කී විජයවර්ධන මහතා වර්තමානයේ රට මුහුණ දෙන අර්බුද වලට පිළිතුරු සෙවීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා වැනි පරිණත නායකයෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුම බව ද සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේ මතය වන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට යායුතු බව යැයිද විජයවර්ධන මහතා සඳහන් කරයි.
ගම්පහ රෝහලේ අලුතින් ඉදිකෙරෙන කොරෝනා ඒකකය සඳහා ඔක්සිජන් සැපයුම් පද්ධතියක් ස්ථාපිත කිරීමට සිය පෞද්ගලික මුදල් පරිත්‍යාග කිරීම සඳහා පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

