රනිල් දළඳා වඳියි : මහ නාහිමිවරුත් බැහැ දකියි


සිව්වැනි වරටත් ශ්‍රී ලංකාවේ අගමැති පදවියට පත්වූ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (23) මහනුවරදී දළඳා සමිඳුන් වැඳ පුදා ගත්තේය.

ඉන් පසුව තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමියන්ද, ගලගම අත්ථදස්සී අස්ගිරි මහ නා හිමියන්ද බැහැ දුටුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, මලික් සමරවික්‍රම යන මහත්වරු හා හිටපු දිය වඩන නිළමේ නෙරංජන් විජේරත්න මහතාද එම අවස්ථාවට එක්වූහ.

රනිල් වික්‍රමසිංහ මහතා සිව්වැනි වරටත් අගමැති පදවියට පත්වූයේ ශ්‍රි ලංකාවේ වාසනාවට යැයි මල්වතු මහ නාහිමියෝ කීහ. ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු ඉතා හොඳ අදහස් ඇති අය නිසා ඒ දෙදෙනාගේ සුසංයෝගය රටේ දියුුණුවට හිතකර අයුරින් බලපානු ඇති බවද උන්වහන්සේ පැවසූහ.

PKkandy_2015823pic4 PM-kandy_2015-823-pic6 PMkandy_2015823.pic5 Pmkandy_2015823pic7 PM-kandy_201582303 PM-Kandy-201582301 PM-ranil-kandy_201582302