රනිල් දළදා වැඳ මහා නාහිමිවරු හමුවෙයි


එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද මහනුවර දළදා මාලිගාවට ගොස් වැඳ පුදාගෙන තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක, උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිවරුන් බැහැ දුටුවේය. වික්‍රමසිංහ මහතා මල්වතු - අස්ගිරි විහාරවලට යෑමට පෙර මාධ්‍යයට පැවැසුයේ එය පෞද්ගලික කටයුත්තක් නිසා මාධ්‍ය අවශ්‍ය නොවන බවයි.