රනිල් ගෙදර යවන්න මාතර එන්නලු


රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව ගෙදර යැවීම රටටත් මෙරට දරු පරපුරේ අනාගතය වෙනුවෙනුත් කරන මහා පුණ්‍ය කර්මයක් බැවින් ඒ සඳහා එක්වීමට මාතර එන්නැයි සියලු මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලන බව බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇත්තේ කොතනදැයි සිකුරාදා (12) මාතර රැස්වීමෙන් තහවුරු වනු ඇතැයි ද ඔහු පවසයි.

යහ පාලන ආණ්ඩුව ගෙදර යැවීමේ අවසන් සංඥාව 12 වැනි දා රැලිය බවත්, යහපාලන ආණ්ඩුව ගෙදර යැවීමේ මහ සටන ඉන් පසු ඇරැඹෙන බවත් රණතුංග මහතා සඳහන් කරයි.