රනිල් කතරගම පුදබිමේ


අග‍්‍රාමත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කතරගම ඇසළ මංගල්‍යයට ද එක්වීය.

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරය වෙත පැමිණි අගමැති කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ද හමුවිය. බැහැදැක අනතුරුව කිරිවෙහෙර වැදපුදා ගනු ලැබීය.

කතරගම අෂ්ඨ ඵළ බෝධියට පැමිණ අගමැති ආගමික් වතාවත්  කිරිමෙන් පසු  කතරගම මහා දේවාලයේ දී පළතුරු පුජා කළේය. කතරගම ඇසළ මංගල්‍ය වෙනුවෙන් සකස් කරන ලද විදුලි ආලෝක පුජාව ද විවෘත කළේය.

නව දාන ශාලාව වෙත පැමිණි වික‍්‍රමසිංහ මහතා පෙරහරේ ගමන් ගන්නා නැටුම් කණ්ඩායම් වෙත රසකැවීළි සංග‍්‍රයක්ද පැවැත්විය. දෙවියන් වැඩම වු වාසනා හස්ති රාජයා පිට වු කරඩුව වෙත මල් මාලාවක්ද පළදවීය.

බස්නායක නිළ මැදුර වෙත පැමිණි ආග‍්‍රාමත්‍ය වික‍්‍රමසිංහ මහතා මොණරාගල දිසා ලේකම් ඩි පි පත්මාකුලසුරිය මහත්මිය හා බස්නායක නිළමේ ඩි පි කුමාරගේ මහතා හා කතරගම ප‍්‍රදේශිය දේශපලඥයින් සමඟ කතරගම ඉදිරි සංවර්ධන වැඩ සටහන් පිළිබදව ද සාකච්ඡා කළේය.

1[2] 2[1] 3[1] 4[1] 5[2] 6[1] 7[1] 8[1] 9[1]