අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි සති දෙක ඇතුළත ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව නිව් ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත් වෙබ් අඩවිය කියයි.
එම වාර්තාවේ සඳහන් වන්නේ එම සංචාරයේ කාල සටහන සකස් කිරීමේ කටයුතු දෙරටේ බලධාරීන් විසින් අවසන් කිරීමේ කටයුතු සිදු කරමින් සිටින බවයි.
ඉකුත් ජනවාරි 8 වැනි දා හා අගෝස්තු 17 වැනි දා පැවති මැතිවරණ වලින් පසු වික‍්‍රමසිංහ මහතා විදෙස් සංචාරයකට එක්ව වන ප‍්‍රථම අවස්ථාව මෙය වේ. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ද ජනාධිපති වීමෙන් පසු පළමුවෙන්ම නිල විදෙස් සංචාරයක නිරත වූයේ ඉන්දියාවේය.
නිව් ඉන්දියන් එක්ස්ප‍්‍රස් වාර්තාවේ සඳහන් වන්නේ වික‍්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් පසු එරට සංචාරය කරනු ඇති බවය. මෙම සංචාරයේ දී ඔහු ඉන්දීය රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා කරනු ඇතැයි සඳහන් වේ.

