එක්සත් ජනතා නිදහස් සන්ධානය පස්සා දොරින් අගමැතිවරයකු පත් කිරීමට යන බව කියන රනිල් වික්‍රමසිංහ මහතාද පස්සා දොරින් අගමැති ධූරයට පත්වූ අයකු බව සන්ධාන මහ ලේකම් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (3) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
ආණ්ඩුවට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවෙන් පිටත පුද්ගලයෙක්ගේ සැලැස්මක් බව අගමැති සිතුවද එය ඔහුගේ වැරදි අදහසක් බවත් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්



