එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයට යළි පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6.15ට පමණ සිරිකොත මන්දිරයෙන් පිටත් වී ගියේ රැස්වී සිටි එන්සියයක් පමණ වූ ආධාරකරුවන්ගේ ජයගෝෂා මද්දේය. උඩුමහලේ සිට පහළට ආ වික්‍රමසිංහ මහතා මුලින්ම පිරික්සුවේ අලාභහානි කැර තිබූ වාහන කිහිපයකි. ගල්ගසා කඩා බිඳදමා තුබු බුදුමැදුර ද, පක්ෂ මූලස්ථානයේ නාම පුවරුව ද පිරික්සූ ඔහු නික්ම ගියේය. පිරිසක් කරුජයසූරිය මහතාගේ කට අවුට් පුවරුවක් ඇදගෙන පාර දෙසට එනු දුටු පොලිසිය එය වැලැක්වීය. නව ජාතික සංවිධායක දයා ගමගේ මහතා එම පුවරුව කැබ්රියක පටවාගෙන ගියේය.
