රනිල් - කරු මුල් පුටුවට තරඟ කරති By None // 2011 දෙසැ 18 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී අද රැස් විය. නායකත්වයට පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාත්, නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාත් තරඟ කරන බව ලිඛිතව දැනුම් දුන්නේයැයි පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා මාධ්‍යයට පැවසීය. සඳුදා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රහ ඡන්දයකින් නායකයා තේරීමට නියමිතය. නියෝජ්‍ය නායක ධූරය සඳහා සජිත් ප්‍රෙමදාස, රවී කරුණානායක, උතුරුමැද පළාත් සභාවේ විපක්‍ෂ නායක කස්තුරි අනුරාධනායක මහත්වරුද, ජාතික සංවිධායක ධූරයට දයාසිරි ජයසේකර හා දයා ගමගේ යන මහත්වරුද තරග වැදීමට නියමිතය. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජියකු ලෙස කඩුවෙල නගර සභාවේ විපක්‍ෂනායක ප‍්‍රියන්ත පත්බේරිය මහතා අද පත්වීම් ලැබීම විශේෂ සිද්ධියක් විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත