රනින් දිනූ මෙත්මිට අම්පාරෙන් හරසර


(වසන්ත චන්ද්‍රපාල)

මෙවර ආසියානු යොවුන් ක්‍රිඩා උළෙලට සහාභාගි වු මිටර් 10000 ඉසව්වවේන් රන් පදක්කම දිනාගත් මෙත්මි රසාරා ක්‍රීඩිකාව පිලිගැනීමේ උත්සවයක් ඇය මුලික අධ්‍යාපනය ලැබු අම්පාර සද්ධාතිස්ස මහා විදුහලේ දි ඉකුත් දා පැවැත්විණි.

අම්පාර සද්ධාතිස්ස මහා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය මගින් මෙම උත්සවය සංවිධානය කළේය.

අම්පාර නගරයේදි මෙත්මි රසාරා පිලිගත් අතර පසුව රථ පෙරහරකින් අම්පාර සද්ධාතිස්ස මහා විදුහල දක්වා කැඳවාගෙන ආවේය.

එහිදි සද්ධාතිස්ස මහා විදුහලේ තුර්ය වාදක කණ්ඩයම පෙරටු කරගත් සද්ධාතිස්ස මහා විදුහලේ විදුහල්පතිණය රමනි සන්ධ්‍යා මහත්මිය විසින් මල් කළඹක් දි මෙත්මි රසාරා පිලිගනු ලැබුවාය. පසුව සද්ධාතිස්ස මහා විදුහලේ දැවන්ත ධජය යටින් මෙත්මි රසාරා රුස්විම් භුමිය වෙත රුගෙන යනු ලැබිය.

එහිදි ඇයට ආදි ශිෂ්‍ය සංගමය විසින් ඇයගේ දක්ෂතාවය අගයා විශේෂ තිළිනයක් පිලිගැන්වු අතර අම්පාර සද්ධාතිස්ස මහා විදුහලේ ආචාර්ය මණ්ඩලය ඇතුලු ඇදුරු මඩුල්ල විසින් විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනමනු ලැබිය.

ආසියානු යොවුන් ක්‍රිඩා උළෙල පසුගියදා ඉන්දියාවේ රංචිහිදී පැවැත්වූ දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මිටර් 10000 දිවිමේ තරඟයේ ඇය රන් පදක්කමක් දිනා ගත්තාය.

ශ්‍රිලංකා මාතාවට අභිමානයක් ගෙනදුන් නෙත්මි රසාරා අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර උදයපුර ගම්මනායේ ජීවත් වෙන ක්‍රිඩාකාවකි.

රසාරා මුලික අධ්‍යාපනය ලබන්නේ අම්පාර සද්ධාතිස්ස ප්‍රාථමික මහා විදුහලෙන්ය. පසුව හය වසරේ සිට සාමන්‍ය පෙළ දක්වා සද්ධාතිස්ස මහා විදුහලේ ඉගෙනුම ලබා තිබේ.

ඉගෙනුම ලබන අවධියේ සිටම ඇය ක්‍රිඩාවට දක්ෂකම් දක්වා තිබේ. පාසල් තරගවලදි සුවිශේෂ ජයග්‍රහණ රාශියක් ලබාගත් ඇය නැගෙනහිර පලාත් තරග වලදිද විශාල ජයග්‍රහණ රුසක් ලබාගෙන අම්පාරට මෙන්ම අම්පාර සද්ධාතිස්ස මහා විදුහලට ගෞවරයක් ගෙනදුන් ක්‍රිඩිකාවකි.