
(කේ බුද්ධික කුමාරසිරි)
කඩුවෙල රනාල ප්‍රදේශයේ කාඩ්බෝඩ් කර්මාන්ත ශාලාවක අද (19) අලුයම ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාවට දැඩි ලෙස අලාභ හානී සිදුව ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
ගිනි නිවීම් කටයුතු සදහා කොළඹ සහ කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකක පැමිණ ගින්න පාලනය සදහා කටයුතු කර ඇත.
සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැති බව නවගමුව පොලිසිය පවසයි.

