(කාංචන කුමාර ආරියාදාස )
දඹුල්ල රන්දෙනිය වැවේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු සැකපිට දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
ඔවුන් සතුව තිබී මල් බුලත් හා කැණීම් උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස රන්දෙනිය ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ.
මෙම පිරිස රන්දෙනිය වැව ඉස්මත්තේ කැනීම් කටයුතු සිදුකරමින් සිට ඇත .
සැකකරුවන් අද (4) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

