(අජන්ත කුමාර අගලකඩ)
දකුණු පළාත් සභා මන්ත්‍රී රන්දිම ගමගේ මහතා පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැතිවරයා ලෙස අද(27) දහවල් දිවුරුම් දීමට නියමිතව සිටියද මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් ඊට විරෝධය පළවීම හේතුවෙන් දිවුරුම් දීම කල්ගොස් ඇතැයි වාර්තා වේ.
දැනට පුරප්පාඩුව පවතින දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැතිධූරය මාතර දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරයකුට ලබාදෙන ලෙසට දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන් පිරිසක් කර ඇති ඉල්ලීම මීට හේතුවී ඇතැයි දැනගන්නට තිබේ.
දකුණු පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති ලෙස කටයුතු කළ වීරසුමන වීරසිංහ මහතා ඉන් ඉවත්වීම හේතුවෙන් එම ඇමැති ධූරය පුරප්පාඩු වූ අතර දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා දැනට එම ඇමැති ධූරයේ වැඩ බලයි.

