( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කළේ යැයි කියන ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය නීතිපතිවරයා විසින් නිරීක්ෂණයට ලක් කළ බවත් ,නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ අන්තර්ගතය තුළින් බැලූ බැල්මටම අධිකරණයට අපහාසයක් සිදුවන බව පෙනී යන්නේ යැයි ද නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
ඒබැවින් මෙම පැමිණිල්ල ඉදිරියට පවත්වා ගෙන යා යුතු යැයි ද නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා කියා සිටියේය.
ඒ අනුව නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එරෙහිව ගොනු කර තිබෙන පැමිණිලි වැඩිදුර කටයුතු සඳහා ජුලි 18 වැනි දා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
එසේම මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීම අගවිනිසුරු වෙත යොමු කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.
එම පැමිණිලි ඊවා වනසුන්දර සහ එල් .ටී .බී.දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ අද (4) කැඳවනු ලැබීය.
පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ ශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.